ගණේමුල්ල සංජීව ඝාතනයට සහාය දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව නම් පාතාල නායකයා උසාවිය තුළදී ඝාතනය කිරීම සඳහා සහාය ලබාදුන් නීතිඥවරියක් ඊයේ (28) දිනයේදී සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස අධිකරණ ශාලාවට ඇතුළු වීම සඳහා නීතිඥවරුන් පළඳින ටයි පටි 02ක්, අපරාධ නඩු විධාන සංග්රහය සහිත පොත් දෙකක්, නීතිඥ වාහන අවසර පත්රයක්, නීතිඥ හැඳුනුම්පතක් ආදිය ලබාදෙමින් වෙඩික්කරුට මෙම ඝාතනය සඳහා මෙම සැකකාරිය විසින් ආධාර සහ අනුබල ලබාදී ඇතැයි සීඅයිඩීය කරුණු අනාවරණය කරගෙන ඇත.

මේ අනුව මෙම සැකකාරිය පැය 72ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරන්නට නියමිත බව වාර්තා වෙයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website