ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බේරුවෙල පොලිස් වසමේ චීනකොටුව ප්‍රදේශයේදී බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) දින ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 33ක් වූ උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බේරුවෙල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website