කොළඹ සීතාවක සහ පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාශ ඇතුළු දිස්ත්‍රික්ක 07ක නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (30) දින පස්වරු 04.00ට නිකුත් කළ නිවේදනයක් මගින් ‘නායයෑමේ අවදානම පැවැති හැකි ප්‍රදේශ’  ගණනාවක් වෙත ‘රතු නිවේදන’ හෙවත් ‘ඉවත් වීම’ නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව,

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම, හල්දුම්මුල්ල, වැලිමඩ, පස්සර, සොරණතොට, ඇල්ල, බදුල්ල, ලුණුගල, කන්දකැටිය, මීගහකිවුල, බණ්ඩාරවෙල, හපුතලේ සහ හාලි_ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (ග්‍රාම නිලධාරී වසම්).

කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (ග්‍රාම නිලධාරී වසම්) සහ අවට ප්‍රදේශ.

මහ නුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර, පස්බාගේ කෝරළේ, පන්විල, දොළුව, අකුරණ, තුම්පනේ, හතරලියද්ද, උඩුදුම්බර, යටිනුවර, පාතදුම්බර, කුණ්ඩසාලේ, දෙල්තොට, මැදදුම්බර, පාතහේවාහැට, ගඟවට කෝරළේ, හාරිස්පත්තුව, උඩපල්ල, මිනිපේ යන ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරී වසම්  අවට ප්‍රදේශ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව, මාවනැල්ල, යටියන්තොට, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, වරකාපොල, අරණායක, රුවන්වැල්ල, දැරණියගල සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (ග්‍රාම නිලධාරී වසම්) සහ ඒ අවට ප්‍රදේශ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මාවතගම, මල්ලවපිටිය, අලව්ව, නාරම්මල, පොල්ගහවෙල සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (ග්‍රාම නිලධාරී වසම්) සහ ඒ අවට ප්‍රදේශ.

මාතලේ දිස්ත්‍රික්කයේ – පල්ලේපොල, රත්තොට, යටවත්ත, නාඋල, ලග්ගල පල්ලේගම, උකුවෙල, මාතලේ, විල්ගමුව සහ අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (ග්‍රාම නිලධාරී වසම්) සහ ඒ අවට ප්‍රදේශ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ – හඟුරන්කෙත, මතුරට, නුවරඑළිය, තලවකැලේ, වලපනේ, නිල්දණ්ඩහින්න, නෝර්වුඩ්, අඹගමුව සහ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය (ග්‍රාම නිලධාරී වසම්) සහ අවට ප්‍රදේශ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website