ලබුගම සහ කළුටුවාව ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද (02) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බටහිර-මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය පැවසුවාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අද සිට පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බවයි.
අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පාදුක්ක ප්‍රදේශයට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ද ඇය පැවසුවාය.
මේ අතර සිකුරාදා (3) රාත්‍රී 8 සිට සෙනසුරාදා (4) රාත්‍රී 8 දක්වා හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බවත් සෙනසුරාදා (04) රාත්‍රී 8 සිට ඉරිදා (5) රාත්‍රී 8 දක්වා පැලැන්වත්ත ප්‍රදේශයට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ඇය පැවසුවාය.











