කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලැබූ සුරේෂ් සාලේ යළි CID භාරයට

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව පොලීසිය පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව කී පොලිසිය එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website