දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය අප්‍රේල් 09 සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර ඒ අනුව යළි දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඒ අනුව එළැඹෙන 09 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.ෙ
එසේම පසුගිය අප්‍රේල් (04) සිට පෙරවරු 05.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියටත්, පස්වරු 01.50ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියටත් ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දී ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.











