කොහුවල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් සැකකරුවෙකු අයිස් සමඟ අත්අඩංගුවට.

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06)බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදී අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 32 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website