කොරියානු නියෝජ්‍ය කථානායකගෙන් කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ ඇගයීමක්

කොරියාවේ සිටින  ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බව දිවයිනට පැමිණි කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක Lee Hack Young මහතා පැවසී ය.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා (3 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවූ අවස්ථාවේ දී ය.

මෙහි දී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළඳපළ තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දී අවස්ථාව පිළිබඳව කොරියානු රජයට ස්තූතිය පළ කළ අතර ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් කොරියාව වෙත ශ්‍රමිකයින් ගෙන්වා ගන්නවා සේම කොරියානු ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කිරීම තුළින් එම ශ්‍රමිකයින්ගේ දායකත්වය ඉතා පහසුවෙන් ලංකාව තුළ දී ලබා ගෙන ලාංකික ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය වැනි වෙළඳපළ වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව Lee Hack Young මහතා ප්‍රමුඛ කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලංකාව වර්තමානයේ IMF ණය ලබාගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාව ද පසු කළ බවත් නමුත් මෙම තත්ත්වය ඉතා ඉක්මනින් මග හරවා ගෙන කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාට හැකි වන බව තමා විශ්වාස කරන බව ද නියෝජ්‍ය කතානායක Lee Hack Young මහතා මෙහි දී  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොරියානු නියෝජිත පිරිස හා අමාත්‍යවරයා විසින් දෙරටටම බලපානු ලබන වීසා ගැටලූ විසඳා ගැනීම පිළිබඳවත් වසර 50ක් පැරණි ශ්‍රී ලංකා – කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා Bok Kiwang ( Democratic Party), Song Jaebong (Democratic Party) , Jung Hyekyung ( Jinbo Party) , National Assembly Secretariat නියෝජ්‍ය අධ්‍යක්ෂ Lee Jayoung,  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee මහත්මිය හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website