කෙහෙළියට මුදල් විශුද්ධිකරණට අනුබල දුන් ව්‍යාපාරිකයා අල්ලස් කොමිෂම අත්අඩංගුවට ගනී

මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දීමේ වරදට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සහන් වෙයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, “හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් 748,000,000ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී තමාට හිමි නොවන මුදලක් බව දැන දැනම රුපියල් 30,000,000ක මුදලක් තම සන්තකයේ තබා ගැනීමෙන් 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමටත් මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදු කිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයෙකු වූ ගබ්බෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර යන අය 2026.01.28 වන දින පෙ.ව.3.35ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website