කුඹුක්කන දී මගීන්ගේ ජීවිත අනතුරේ හෙළු බස් රියදුරු සහ කොන්දොස්තර ගැන NTC ගත් තීන්දුව

කුඹුක්කන ප්‍රදේශයේ ගංවතුර තරණය කිරීමට උත්සාහ කිරීමෙන් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළූ මොනරාගල-කොළඹ බස් රථය සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව එම කොමිෂම නිකුත් කළ නිවේදනයක සහන් වේ.

බස් රථයේ හිමිකරු, රියැදුරු සහ කොන්දොස්තරවරයා පසුගිය බදාදා (03) ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හමුවට කැඳවන ලද බවත් ඔවුන්ගේ විෂමාචාරය පිළිබඳ විමර්ශනයෙන් පසුව, බස් මාර්ග බලපත්‍රය සති දෙකකට අත්හිටු වූ බවත් කොන්දොස්තර සහ රියදුරු මාසයක කාලයක් සේවයෙන් අත්හිටුවා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website