ආනයනික කිරිපිට මිල සම්බන්ධ නිල නිවේදනයක්

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව  ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website