ගිරාඳුරුකෝට්ටේ තුන්වන සැතපුම් කණුව ප්රදේශයේදී කැබ් රථයක් සහ ට්රැක්ටරයක් ගැටීමෙන් යුවළක් මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලැබූ බව මහියංගනය පොලිසිය පැවසුවේය.
මහියංගනය ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමියෙකු සහ 44 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.
තුවාල ලැබූ මගීන් හත් දෙනා සහ ට්රැක්ටර් රියදුරු ප්රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.














