කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 1,705,000ක් වංචාකළ වයස අවුරුදු 48 ක් වන මන්නාරම, එළුත්තුර් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් මීගමුව විශේෂ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 24 දින අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.02.03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එමෙන්ම රුමේනියා දේශයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 915,000.00 ක් වංචා කළ සැකකරුවෙකු පිළිබඳව ද වාරතාවී ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් දැන හඳුනාගැනීමෙන් මෙලෙස රැවටීමට ලක්කර ඇති අතර මූලික වැඩකටයුතු සඳහා පළමුව රු හාර ලක්ෂ හැත්තෑදහසක් ලබාගෙන ඇත.
අනතුරුව ඉතිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලක්ෂ 16 ක මුදලක් වැයවන බවත් ඉන් අඩක් ලබාදෙන මෙන් පැවසුවද කාන්තාව විසින් රුපියල් ලක්ෂ 4 ක මුදලක් සැකකරු විසින් ලබාදුන් ගිණුමකට බැර කර තිබේ.
කල් යත්ම විදෙස්ගතවීම කල්යාමත් සමඟ අවස්ථා කිහිපයකදී නැවත මුදල් ලබාදෙන ලෙස පැවසුවත් සැකකරු විසින් මුදල් ලබාදී නොමැති බැවින් කාන්තාව මුදල් තැන්පත් කළ පත්වල ඡායා පිටපත් සමඟ පැමිණිලි කර ඇත.
“විදෙස් රැකියා සඳහා යොමුවීම සඳහා පුද්ගලික ආයතනයක් තෝරාගන්නේ නම් නිසි පරීක්ෂාවකින් සුදුසු ආයනයක් තොරාගන්නා ලෙස දැනුම් දෙන්නෙමු. කූඨ අරමුණු අනුව ක්‍රියාත්මකවන වංචාකරුවන්ගේ බලාපොරොත්තුවලට රැවටී මුදල් අහිමිකර නොගන්න.
සේවා දායකයා සැක සහිත නම් නොපමාව ලඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒ් සඳහා මුදල් ගෙවූ රිසිට්පත්, සෝවා දායකයාගේ තොරතුරු අඩංගු ලේඛන ප්‍රවේසම් කර ලඟ තබාගන්න.”










