කැනඩාවේ සහ රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට පත් බව පොලිසිය පවසයි.
රුමේනියාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 36ක් වංචා කළ බව කියන සැකකරුවෙකු ජා-ඇල, කදාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රුමේනියාවේ ට්රක් රථ පැදවීමේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම මුදල් ලබා ගෙන ඇති බව ද පොලිසිය පවසයි.
කැනඩාවේ හෙද රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 55ක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවෙකු ද මීගමුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් ප්රකාශ කළේය.















