කාලගුණ අනාවැකිය: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට සිට අපේක්ෂා කෙරේ

Sri Lanka Weather Map

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  2025 නොවැම්බර් මස 29 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලද නිල කාලගුණ නිවේදන

“දිට්වා” [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින පෙ.ව.08.30 වන විට යාපනය සිට 80 km ක් නැගෙනහිර දෙසින්, අක්ෂාංශ 9.6°N සහ දේශාංශ 80.7°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර නොවැම්බර් මස 30 වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (නොවැම්බර් මස 30) සිට අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website