කාර් රථයක් පාපැදියක ගැටී සිදුවූ අනතුරින් පාපැදිකරු මිය යයි

තිස්සමහාරාම කතරගම මාර්ගයේ තිස්සමහාරාම රජමහා විහාරය ආසන්නයේදී ඊයේ (18) රාත්‍රී කතරගම දෙස සිට තිස්සමහාරාම නගරය දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ගමන් ගත් පාපැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 42 ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  කාර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බීමත්ව සිට ඇති බවට සිදුකළ ශ්වසන පරීක්ෂාවේදී අනාවරණ වී ඇත. තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website