ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන වත්මන් රජය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරනවාද කියා ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණක් වූ කාන්තාවන් වෙනුවෙන් වු කොමිසමක් ස්ථාපිත කිරීම සිදු වුවත් එහි සභාපතිනිය ලෙස ආචාර්ය රමනි ජයසුන්දර මහත්මිය පත් කළත් මේ කොමිසම මේ වන විට බරපතල අර්බුධ රැසකට මුහුණ දී තිබෙන බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.
ස්වාධීන කොමිසමක් වුවත් ජාතික කාන්තා කොමිෂම වර්තමානයේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතකොලුවක් බවට පත්ව තිබේ. ඊට අමතරව කාන්තාව සවිබල ගන්වනවා යැයි කියන රජය මේ වන විට ගම්වල නගරවල ඇති කාන්තා මුල් කර ගත් ප්‍රජාමූල සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන ආදී ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීමේ සංවිධාන නියාමනය කිරීමට ද කටයුතු කර තිබේ. මෙවැනි ගැටලු රැසක් පවතින මොහොතක දැන්වත් කාන්තාව වෙනුවෙන් රජය නිවැරදි ප්රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.
කාන්තා දිනය සමරණ මොහොතක රජය විසින් කාන්තාවන් සවිබල ගන්වන ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම නියාමනය කිරීමේ පනතක් ඉදිරිපත් කර තිබේ. නමුත් සැබවින්ම සිදුවිය යුත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා නාමයෙන් සිදු කරන මහා පරිමාණ මූල්‍ය ආයතන නියාමනය කිරීමය. නමුත් එවැනි දෙයක් සිදු නොකර එවැනි ආයතන ආරක්ෂා කරමින් රජය මරණාධාර සමිතියේ සිට ජනතාව සවිබල ගැන්වූ ජනතාවට සවියක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම නියාමනය කිරිමට සූදානම් වේ. දැන්වත් රටේ කාන්තාවන් ඇතුළු දුප්පත් ජනතාව ගැන සිතා මේ පනත සංශෝධනය විය යුතු බවත් එසේ නොමැති වුවහොත් නිවසට සවියක් වන කාන්තාව තවදුරටත් අසරණ වනු ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.















