කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සහ පරිසර ඇමති ආපදාවට පත් කෑගල්ලේ කර්මාන්ත ගැන සොයා බලයි

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ  ආපදාවට පත් කර්මාන්ත නිරීක්ෂණය සහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (12) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව අවිස්සාවේල්ල, ඉහළ තල්දූව, අටුළුගම, ‎යටියන්තොට, කඹුලුමුල්ල මේනම, අලව්ව, රඹුක්කන, වහව, මාවනැල්ල යන ප්‍රදේශවල ආපාදාවට පත් කර්මාන්තවලට සිදුවූ හානිය පිළිබඳව සොයා බැලීමට නියොජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේය.

මේ අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ, සමන්ත රණසිංහ යන සහෝදරවරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website