කංචනයි, ෂෙහානුයි පොහොට්ටුව හොඳයි කියයි

පොහොට්ටුවේ ප්රබලයන් වන කංචන විජේසේකර සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ට, එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය සමඟ ඉහළ තනතුරු බාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් කළ යෝජනාවක් ඔවුන් ප්රතික්ෂේප කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
එලෙසම දෙදෙනාම එජාපයේ තනතුරු බාර ගැනීමට තමන් සූදානම් නොමැති බවත් නැවතත් පොහොට්ටුව සමඟ එක්වීමට අදහස්කර ඇති බවත් පවසා ඇති බව සැලය.
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සමඟ කංචන සහ ෂෙහාන් පසුගිය දවස්වල මේ පිළිබඳව කිහිපවරක්ම සාකච්ඡා කොට ඇති බව ද වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website