ඕමානයේදී අත්අඩංගුවට ගත් ‘මිදිගම චූටි’ මෙරටට රැගෙන

ශක්තිමත්ව සක්‍රීය “රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරන ජාතික මෙහෙයුම යටතේ විදෙස්ගතව සැඟව සිටිමින් මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සැකකරුවන් මෙරටට ගෙන ඒ්ම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

එහි තවත් ප්‍රතිඵලයක් ලෙස දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සැකකරුවෙකු වන 37 හැවිරිදි මිදිගම චූටි නම් සැකකරු ඕමානයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) දින අලුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.

ඔහු මාතර ප්‍රදේශ තුළ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු මිනීමැරුම් , මංකොල්ලකෑම් , ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම වැනි අපරාධ රැසකට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

සැකකරු අධිකරණ වෙත ඉදිරිපත්කරමින් අපරාධ සම්බන්ධ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත අතර නීති විරෝධී ලෙස උපයාගෙන ඇති දේපළ අත්හිටුවීමද ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම අත්අඩංගුවට ගැනීම් ජ්‍යාත්‍යන්තර පොලිසිය ඔ්මාන පොලිසිය හා බුද්ධි නිලධාරීන් එක්ව සිදුකළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වන අතර රතු නිවේදන නොමැතිව වුවද විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් මෙරටට රැගෙන ඒ්මට අවශ්‍ය ජ්‍යාතන්තරව සබඳතා සේ වනවිට ගොඩනගාගැනීමට හැකිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website