ඓතිහාසික තිස්සමහාරාම සහ සිතුල්පව්ව විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය පිළිබඳ සාකච්ඡාවක්

අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි – ජනාධිපති ලේකම්

ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් පූජෝත්සවය සහ පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

සෑම වසරකම පැවැත්වෙන මෙම පිංකම් මාලාව සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත්, අනාගත පරපුර වෙනුවෙන් අපේ රටේ සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් මංගල්‍යය සාර්ථක කර ගැනීමට රජය දක්වන කැපවීම අගය කරන බව විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේලා මෙහිදී ප්‍රකාශ කළහ.

සිතුල්පව්ව විහාරස්ථානයට පිවිසෙන මාර්ගය වසරින් වසර අලුත්වැඩියා කිරීමට සිදු වන බැවින් එයට  ස්ථීර විසඳුමක් ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website