එප්පාවල හෙරොයින් සිද්ධියේ සැකකාර විදුලිපල්පතිගේ නාගරික මන්ත්‍රී බිරිය ඉල්ලා අස්වෙයි

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි, මිලිග්‍රෑම් 400ක් සමඟ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට  ගනු ලැබූ විදුහල්පතිවරයාගේ බිරිඳ බව කියන ජාතික ජන බලවේගය නාගරික මන්ත්‍රිනී දිස්නා නිරංජලා කුමාරි සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වන බවයි.

දිස්නා නිරංජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website