එජාපයට මේ වසර අවසාන වන විට මොකද වෙන්නේ ? – නියෝජ්‍ය මහ ලේකම් හරින් කළ හෙළිදරව්ව

මේ වසරේ දෙසැම්බර් මාසය වන විට එක්සත් ජාතික පක්ෂය නව මුහුණු සමඟින් නව පෙනුමක් ලබා ගන්නා බව එහි නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු පවසයි.

අද (23) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂය වෙනස්කම් වලට භාජනය වන බවත්, ඒ යටතේ නව තරුණ මුහුණු විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත්ය.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ සතුව ඇති දැනුම තරුණ පරම්පරාවට ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website