ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් වලට එරෙහි ප්‍රහාර කල් දැමීමට හමුදාවට නියෝග කරන බව ජනපති ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසු තෙල් මිල සියයට 13කට වඩා ඉහළ අගයකින් පහළ වැටුණු බව අල්ජසීරා වාර්තාවක සඳහන් වේ.
ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රී 11:08 වන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 17කින් හෙවත් 15%කින් පහළ වැටී ඇති අතර බැරලයකට ඩොලර් 96ක් ලෙස සටහන් විය. මේ අතර US West Texas Intermediate බොර තෙල් බැරලයක් ඩොලර් 13කින් හෙවත් 13.5%කින් පහත වැටුණු අතර බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.28ක් ලෙස සටහන් විය.
ඉරානය ඉන්ධන ප්‍රවාහන නැව්වලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සහ සතුරු නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ තෙල් මිල බැරලයක මිල ඩොලර් 100කට වඩා ඉහළ යාමෙන් පසුව මෙම තියුණු පහත වැටීම සිදුවිය.
මූලාශ්‍රය – AL JAZEERA















