එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමු වෙති

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන සහ ආර්ථික උපදේශක Anthony V. Pirnot, දේශපාලන ඒකක ප්‍රධානී Shailaja (Shai) Kim යන මහත්ම මහත්මීහු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා හමු වූහ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යන අන්දම සහ දිට්වා ආපදා තත්ත්වයෙන් පසු වත්මන් ඉන්ධන සහ විදුලි අර්බුදය කළමනාකරණය කර ගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම, ඉන්ධන සහ විදුලි අර්බුදයට රජය මුහුණ දෙන අන්දම පිළිබඳවද සාකච්ඡා විය.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සිහිපත් කරමින් දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අන්දමින් ඉදිරියේදී එම සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website