එක්සත් ජනපද-ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ අසාඩි ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය වනසා දමයි

ඉරාන යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර මාලාවක නවතම අවස්ථාව සනිටුහන් කරමින් ටෙහෙරානයේ අසාඩි ක්‍රීඩා සංකීර්ණය තුළ ආසන 12,000 කින් යුත් ගෘහස්ථ ක්‍රීඩාංගණයක් අද (05) දින එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් විනාශ විය.

ප්‍රහාරයෙන් නේවාසිකාගාර සහ පාපැදි සම්මේලනයට අයත් අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් ද සමතලා වූ අතර සංකීර්ණයේ පිහිනුම් තටාකය ඇතුළු යාබද පහසුකම්වල ජනේලවලට හානි සිදු විය.

ඉරානයේ ඔරු පැදීමේ සම්මේලනයේ සභාපති අලිරේසා සොහ්රාබියන්, ගැටුම් අතරතුර ක්‍රීඩා, අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවා පහසුකම් ඉලක්ක කිරීම තහනම් කරන රතු කුරුස ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් ලෙස මෙම ප්‍රහාරය හෙළා දුටුවේය.

තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, මෑත කාලීන එක්සත් ජනපද-ඊශ්‍රායල් ආක්‍රමණවලදී ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයිඩ් අලි කමේනි සහ සෙසු පුරවැසියන්ගේ දිවි පිදීම සම්බන්ධයෙන් සොහ්රාබියන් ශෝකය පළ කළේය.

“යුධ සමයේදී ක්‍රීඩා, අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවා අවකාශයන් විනාශ කිරීම රතු කුරුස සංවිධානය විසින් පැහැදිලිවම තහනම් කර ඇති නමුත් අද අපි අසාඩි ක්‍රීඩාංගනයේ ක්‍රීඩා ස්ථානයකට සෘජු ප්‍රහාරයක් දුටුවෙමු,” ඔහු සඳහන් කළේය.

මූලාශ්‍රය – TEHRAN (Tasnim)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website