රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8:00 සිට දීපව්‍යාප්ත නව වැඩ වර්ජනයක් කැඳවා ඇත.
මෙම වැඩවර්ජනයට හේතු පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් එකඟ වූ කොන්දේසි උල්ලංඝනය කිරීමට එරෙහිව මෙම වැඩ වර්ජනය කැඳවන ලද බවයි.
සංගමය සමඟ කලින් එකඟ වූ කොන්දේසි මඟ කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පත්වීම් ලබා දුන් බව එම සංගමය පැවසුවේය.













