එංගලන්තයේ රැකියා සිහින පෙන්වා ලක්ෂ 100ක් වංචා කළ සිද්ධියකට අනුබල දුන් කාන්තාව අත්අඩංගුවට

එක්සත් රාජධානියට ගෙන්වාගෙන රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 100 ක් වංචා කළ අපරාධයකට ආධාර අනුබල දුන් කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 30 වන දින දික්වැල්ල වේහැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමීණිල්ලක් අනුව සැකකාරිය පිළිබඳව අනාවරණය කරගෙන පදිංචි ප්‍රදේශයට ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකාරිය වයස අවුරුදු 45 ක් වන කාන්තාවකි. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website