ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනයේ සඳහන් වන්නේ අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා (සිංහල – 0112-784819/ 0112-785634/ Hotline 1988) – (දෙමළ – 0112-785634), (ඉංග්‍රීසි – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා) ඇමතීමෙන් ලබා ගත හැකි බව එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.















