උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක් – චක්‍රලේඛය නිකුත් කරයි

රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

සියයට 8ක වාර්ෂික පොලියක් සහිතව, සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කරගත යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදී සිදුවන අතර රුපියල් 4000කට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම සෑම වර්ෂයකම ජනවාරි මස පළමුවන දිනෙන් ආරම්භ කර එම වර්ෂයේ පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතු වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website