උත්සව සමයේ හිඟයකින් තොරව ගෑස් සැපයීමට ගැන Litro සභාපතිගෙන් සහතිකයක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට අයත් මෙට්‍රික් ටොන් 42,000ක ගෑස් තොගයක් දැනට මාලදිවයිනේ ස්ථානගත කර ඇති බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම ගෑස් තොගය හැකි ඉක්මනින් දිවයිනට ගෙන ඒමට උත්සාහ කරන බවත්, එම ප්‍රමාණය අප්‍රේල් මාසය සඳහා වන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බවත් සභාපතිවරයා පැවසුවේය.

“මීට අමතරව, මැයි මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් අප්‍රේල් 25 වන දින දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ තත්ත්වය තුළ උත්සව සමයේ හිඟයකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීමට ලිට්‍රෝ සමාගමට හැකියාව තිබෙනවා” ලිට්‍රෝ සභාපතිවරයා සහතික වුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website