උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (07) දින සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ විශේෂ බස් රථ යොදවන බව ද  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

උත්සව සමයේ දුර ගමන් සේවා වෙනුවෙන් ශ්‍රී ලංගම බස් රථ පමණක් 1500ක් සේවයට යෙදවීමට නියමිත අතර කොළඹ-මහනුවර මාර්ගයේ මගීන්ගේ පහසුව සඳහා, කුරුණෑගල අධිවේගී මාර්ගය හරහා මහනුවරට අමතර වායු සමීකරණය කළ සුඛෝපභෝගී බස් රථ යෙදවීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website