
උත්සව සමය සඳහා තම ගම්බිම් බලා යන මහජනතාවට පහසුකම් සැලසීම සඳහා විශේෂ බස් සේවා සැලැස්මක් අද (09) ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසීය.
මගී ඉල්ලුම මත පදනම්ව අමතර බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බවත් අධිවේගී මාර්ගයේ සේවාවන්හි අමතර බස් රථවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.
උත්සව ගමන් සඳහා නියමිත සියලුම ශ්‍රී ලංගම බස් රථ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට භාජනය කළ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.











