උණුසුම් කාලගුණ තත්ත්වය තව දුරටත් – හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (0)1 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.

අප්‍රේල් මස 02 වෙනිදා සිට දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන අතර දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website