ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත මෙරටට

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (19) නැවත මෙරටට පැමිණීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින් 9 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් බව ඔහු පැවසුවේය.

“තවත් පුද්ගලයින් හතර දෙනෙකු අද යළි සිය රට බලා යාමට ඊශ්‍රායලයෙන් පිටත්ව යාමට නියමිතව සිටිනවා. තවත් පස් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලුම් කර ඇති අතර, ඔවුන් කයිරෝ ගුවන් තොටුපළ හරහා ගමන් කර ඩුබායි හරහා මෙරටට පැමිණීමට නියමිතයි” තානාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website