ඉස්ලාමාබාද් සාකච්ඡාවලට පෙර හෝර්මූස් විවෘත කිරීම ගැන ඉරානයෙන් ඉඟි

බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයේදී පාකිස්තානයේදී එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් අතර සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය සීමිත හා පාලිත ආකාරයකින් විවෘත කළ හැකි බව සාකච්ඡාවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

“සාකච්ඡා සඳහා රාමුවක් පිළිබඳ අවබෝධයකට එළඹෙන්නේ නම්, සමුද්‍ර සන්ධිය “සීමිතව, ඉරානයේ පාලනය යටතේ” විවෘත කළ හැකි බව නිලධාරියා පැවසීය.

“සියලුම නැව් සඳහා ඉරාන හමුදාව සමඟ සම්බන්ධීකරණය අනිවාර්ය වනු ඇත. තවමත් සටන් විරාමය බිඳෙන සුළුය. කෙසේ වෙතත් අපි කල් පවතින සාමයට කැමතියි. නමුත් එක්සත් ජනපදයට එකම ආකාරයකින් යාමට අවශ්‍ය නම් ඉරානය නැවත යුද්ධයකට යාමට බිය නැත.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

source: Reuters

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website