ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ගිනි ගත් Al Salmi ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන් ඉන්ධන කාන්දු වී නොමැති බව ඩුබායි බලධාරීන් තහවුරු කළ බව බීබීසී වාර්තාවක සඳහන් වේ.
Al Salmi නෞකාව තුළ තෙල් බැරල් මිලියන දෙකකින් පටවා තිබූ අතර චීනය බලා යමින් සිටියදී ඩුබායි හි නැංගුරම් ලා තිබිය දී ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ගින්නක් ඇති විය.
ඩුබායි මාධ්‍ය කාර්යාලය පවසන්නේ සහන කණ්ඩායම් “ඩුබායි මුහුදේදී කුවේට් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වූ බවත්, කිසිදු තෙල් කාන්දුවක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති බවත්” ය.
මූලාශ්‍රය: බීබීසී













