ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් IRIS Dena නෞකාව ගිල්වා දැමීමෙන් මියගිය ඉරාන නාවිකයින් 45 දෙනෙකුගේ මෘතදේහ අද (13) ඉරානයට රැගෙන යාමට නියමිත බව වාර්තා වේ.
ගාල්ල ජාතික රෝහලේ විශේෂිත අධිශීතකරණ දෙකක තාවකාලිකව ගබඩා කර තිබූ මළ සිරුරු 45ක් රෝහලේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රවාහනය කළ බව ද රෝහල් ප්‍රකාශයක් පැවසුවේය.
පසුගිය 11 වන දින ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ විසින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුකූලව මෙම මෙහෙයුම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.











