කොන්දේසි විරහිත යටත් වීමක් හැර ඉරානය සමග කිසිදු ගනුදෙනුවක් සිදු නොවන බව Truth Socialහි සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
එක්සත් ජනපද ජනපතිවරයා මෙසේ ද පවසයි. “කොන්දේසි විරහිත යටත් වීමක් හැර ඉරානය සමග කිසිදු ගනුදෙනුවක් සිදුවෙන්නේ නැහැ. ඊට පස්සේ, සහ ශ්‍රේෂ්ඨ සහ පිළිගත හැකි නායකයෙකු (නායකයින්) තෝරා ගැනීමෙන් පසු, අපි සහ අපගේ අපූරු හා ඉතා නිර්භීත සගයන් සහ හවුල්කරුවන් බොහෝ දෙනෙක් ඉරානය විනාශයේ අද්දර සිට ආපසු ගෙන ඒමට වෙහෙස නොබලා කටයුතු කරන්නෙමු, එය ආර්ථික වශයෙන් වෙන කවරදාටත් වඩා විශාල, වඩා හොඳ සහ ශක්තිමත් කරන්නෙමු. IRAN WILL HAVE A GREAT FUTURE. ‘MAKE IRAN GREAT AGAIN (MIGA!)”
මේ අතර ඇමෙරිකානු ජනපතිවරයාගේ අලුත්ම Truth Socialහි සටහනක සඳහන් වන්නේ ඉරානයට ‘ඉතා දැඩි ලෙස පහර දෙන’ බවයි.
ඉරාන ජනාධිපතිවරයා ගල්ෆ් කලාපීය රටවලට යළි පහර නොදෙන බවත්, එ රටවලින් සමාව ඉල්ලා සිටීම ගැනත් පැහැදිලිවම සඳහන් කරමින්, ට්‍රම්ප් පවසන්නේ ඉරානය “සමාව අයැද සිට තම මැද පෙරදිග අසල්වැසියන්ට යටත් වී ඇති අතර, තවදුරටත් ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති” බවයි.
ඉරාන ජනපතිවරයා මෙම පොරොන්දුව ලබා දුන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායල කළ දැඩි ප්‍රහාර නිසා පමණක් බව ද ට්‍රම්ප් වැඩි දුරටත් සඳහන් කර ඇත.
“අද ඉරානයට ඉතා දැඩි ලෙස පහර දෙනු ඇති ! සම්පූර්ණ විනාශයක් සහ නිශ්චිත මරණයක් සඳහා බරපතල සලකා බැලීමක් යටතේ මීට පෙර ඉලක්ක ගත නොවූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම් ද ඇතුළුව මෙම ප්‍රහාර එල්ල වනු ඇත” ට්‍රම්ප් සිය සටහනේ අවසානයේ සඳහන් කර ඇත.
බීබීසී ඇසුරිනි













