ඉරානය සමඟ යුද්ධයේදී ඊශ්‍රායලය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයට 58 ක් ජනතාව සැක පහළ කරන බව නවතම ජනමත විමසුමකින් හෙළි වී තිබේ.
නමුත් හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සටන් මෙහෙයුම් දිගටම කරගෙන යාමට සහ ලෙබනනයේ එහි මෙහෙයුම් ඉදිරියට යාමට ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයට 79ක් සහාය දක්වන බව හෙළි වී තිබේ.
බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තරව, විශේෂයෙන් එක්සත් ජනපදයෙන් වැඩිවන පීඩනයකට ලක්ව සිටී. නමුත් පසුගිය පැය 24 තුළ, ජර්මනිය, කැනඩාව සහ ජාත්‍යන්තර ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලින් ද මෙම සටන් විරාමයට අනුගත වන ලෙස ඔහුට බල කරන නිවේදන නිකුත් කළේය.
මූලාශ්‍රය – අල් ජෂීරා















