ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම: අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගෙන් නව මාර්ගෝපදේශ

ඉන්ධන සහ බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්  බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් තවත් මාර්ගෝපදේශ කිහිපයක් අද (30) නිකුත් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මෙම මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල සියලුම වායු සමීකරණ ඒකක පස්වරු 3:00 වන විට අක්‍රිය කළ යුතු බව මාර්ගෝපදේශවල සඳහන් වේ.

පෞද්ගලික අංශයේ කාර්යාලවලට ද එම පිළිවෙත අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

රාත්‍රී 8:00 න් පසු වෙළඳ දැන්වීම් සඳහා භාවිතා කරන සියලුම විදුලි දැන්වීම් පුවරු සහ තිර නිවා දැමිය යුතු අතර පළාත් පාලන ආයතන විසින් කළමනාකරණය කරනු ලබන වීදි ලාම්පු සුදුසු පියවර භාවිතා කරමින් සවස 6:00 සිට රාත්‍රී 10:00 දක්වා නිවා දැමිය යුතුය.

සියලුම ආකාරයට විශාල පරිමාණයෙන් (පුද්ගලයන් 100ට වැඩි සහභාගීත්වයෙන්) පවත්වනු ලබන කුමන ආකාරයේ උත්සව, සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන පැවැත්වීමට කටයුතු කරන ලෙස ද මෙම මාර්ගෝපදේශ මාලාවේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website