වත්මන් මිල ගණන්වලට අනුව ඉන්ධන අලෙවියෙන් රජයට මාසිකව රුපියල් බිලියන 20ක පාඩුවක් සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඩීසල් ලීටරයකින් රජයට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක පාඩුවක් සිදුවන බවත්මෙම සහායක යාන්ත්‍රණය සඳහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 20ක අමතර බරක් දැරීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.
















