- පෙට්‍රල්: දින 37කට ප්‍රමාණවත්
- ඩීසල්: දින 35කට ප්‍රමාණවත්
- සුපිරි ඩීසල්: දින 72කට ප්‍රමාණවත්
- ගුවන් යානා ඉන්ධන දින 47කට ප්‍රමාණවත්
ඉන්ධන සැපයුම සම්බන්ධ කිසිම බියක් ජනතාව ඇතිකර ගත යුතු නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේය.
අද (01) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී සභාපතිවරයා ප්‍රකාශ කළේ අදාළ ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බවත් මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවනු ඇති බවත් ඔහු අවාරණය කළේය.
මෙහි දී වත්මන් ඉන්ධන සැපයුම ගැන කරුණු පැහැදිලි කළ රාජකරණා මහතා, “ අප සතුව තිබෙන පෙට්‍රල් තොග දින 37කට සහ ඩීසල් තොග දින 35කට ප්‍රමාණවත් වෙනවා. ඒ වගේස සුපරි ඩීසල් දින 72කට සහ ගුවන් යානා ඉන්ධන දින 47කට ප්‍රමාණවත් වෙනවා. එ් අනුව ඉතාම පැහැදිලියි අපට තෙල් තොග පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ.
ඒ වගේම මැදපෙරදිග ඇති වෙලා තිබෙන අර්බුදය අපට දීර්ඝ කාලීනව බලපෑම් කරයි ද කියලා සලකා බැලිය යුතුයි. ලංකාව ආනයනය කරන පිරිපහදු කළ ඉන්ධන බහුතර ප්‍රමාණයක් ලැබෙන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන්. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවා කියලා මේ ඉන්ධන ආනයනයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. පසුගිය කාලය තුළ එක ඉන්ධන නෞකාවක් පමණයි ඔ්මානයෙන් ආනයනය කරලා තිබෙන්නේ.
ඒ වගේම අපි ඇණවුම් කළ සියලු ඉන්ධන ලබා ගන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පමණයි. ඒ අනුව දැන් පවතින තොල් තොග ළඟාවීම සම්බන්ධ ගැටලුවකුත් නැහැ, අප්‍රේල් සහ මැයි මාසය වන තෙක් අපි තෙල් තොග ඇණවුම් කරලා තිබෙන්නේ. ඒ අනුව ඉදිරි තොග ලැබීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා ඉන්ධන සැපයුම සම්බන්ධ කිසිම බියක් ජනතාව ඇති කරගත යුතු නැති බව අපි ඉතාම වගකීමෙන් කියනවා”.
“අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළීම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා. දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, තෙල් සැපයුම් කරනවා. අපි සියලුම පිරවුම්හල්වලට කියලා තියෙනවා බූලිවලට තෙල් සපයන්න එපා කියලා. බූලිවලට තෙල් අරන් ගිහින් අලෙවි කරන්න උත්සහ කළොත්, අපි නීතිය ක්‍රියාත්මක කරනවා.” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අවධාරණය කළේය.














