ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අගමැති හරිනි අතර විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශන්කර් මහතා අද (23) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් තත්ත්වය කෙරෙහි සාකච්ඡාවේ මූලික අවධානය යොමු වූ අතර, දුම්රිය මාර්ග සහ පාලම් නැවත ගොඩනැගීම, කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව සූදානමින් සිටින බව ද ජෙයශන්කර් මහතා මෙහි දී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website