
එක්සත් ජනපදය, ඉරානය සහ පකිස්ථානය අතර ත්‍රෛපාර්ශ්වික සටන් විරාම සාකච්ඡා පකිස්ථාන අගනුවර වන ඉස්ලාමාබාද් හිදී ආරම්භ වී තිබේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඉහළම මට්ටමේ සාකච්ඡාවක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බව අල් ජෂීරා වාර්තාවක සඳහන් වේ.
එක්සත් ජනපද උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් එක්සත් ජනපද දූත පිරිසට නායකත්වය දෙයි.
සටන් විරාම සාකච්ඡාවලට පෙර ඔහු පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවිය. පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු ඉරාන නිලධාරීන් ද ෂරීෆ් හමුවිය.













