ඇමති විජිත ඉරාන තානාපති සමඟ සාකච්ඡාවකට එළැඹෙයි

විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා සහ ශ්රී ලංකාවේ ඉරාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම සාකච්ඡාවේදී ඊශ්රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබඳව අවධානය යොමු කළ බවට විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා ඔහුගේ එක්ස් ගිණුමේ සටහනක් තබා තිබිණි.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්රික උත්සාහයන්හි වැදගත්කම හා තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්රී ලංකාවට සිදු කරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බවයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉරානයේ සිටින ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා පවත්වා ඇත.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website