නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (27) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඉදිරි විමර්ශන සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව වංචා විමර්ශන කාර්යංශය අධිකරණයට වැඩි දුරටත් පැවසුවේය.
නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.
නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.











