බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ඇති වී තිබෙන අපහසුතා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අයහපත් බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මෙම තත්ත්වය හමුවේ මෙරට වෙළෙඳපොළ ස්ථාවර කිරීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම, පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු සමාලෝචනයට ලක් කිරීමද මෙහිදී සිදු විය.














