ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 334ක් සහ පුද්ගලයින් 370ක් අතුරුදන්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) දින පෙරවරු 06.00ට තත්ත්ව වාර්තාව නිකුත් කර ඇත.  එම වාර්තාව අනුව දෙසැම්බර් 01 වැනි දිනට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 334ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 370ක් අතුරුදන් වී ඇත. වැඩිම පුද්ගලයින් පිරිසක් මරණයට පත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. ඒ පුද්ගල මරණ 88කි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 71ක් ද  නුවරළිය දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 68ක් ද වාර්තා වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150 දෙනකු අතුරුදන් වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ 64ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ 53 දෙනකු අතුරුදන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website