ආනයනික ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඉරානයෙන් ආනයනය කරන ඖෂධ හිඟයක් රට තුළ නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහතික විය.

ශ්‍රී ලංකාව ඉරානයෙන් ප්‍රතිජීවක සහ ඉන්සියුලින් ඇතුළු විවිධ ඖෂධ වර්ග 15ක් පමණ ආනයනය කරන බවත් මෙම ඖෂධවල පවතින තොගය අවම වශයෙන් මාස හයකටවත් ප්‍රමාණවත් බව වෛද්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

ඉරානයෙන් මෙම ඖෂධ ආනයනය අසීරු වුවහොත් මෙම ඖෂධ වෙනත් රටවලින් ආනයනය කිරීමට පියවර ගත හැකි බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

සමස්තයක් ලෙස කිසිඳු ඖෂධයක හිඟයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website